ජිවිතය හරි පුදුමයි
මෙලොව උපදින ඕනෑම මිනිසෙකුට ජිවත් විමට අයිතියක් තිබෙනවා. එනමුත් මේ ජිවිතය ජිවත් කරවන්න මිනිසුන් අපමන වෙහෙසනවා. ඇතැමුන් ජිවිතය විදිනවා තවත් පිරිසක් විදවනවා . විදවන පිරිස විදවන්නේ තමන්ගේම වරදින් නැත්නම් බුදු දහම තුල එය හදුන් වන්නේ තමන් පෙර කරන ලද අකුසලයන් මෙලොව විපාක දිමක් ලෙසය. කොහොම නමුත් සැම ආගමකම පවසන්නේ හොද මාර්ගයේ ගමන් කිරිමටය.
මිනිසුන් එදා ෙව්ල ගැට ගසා ගනිම සදහා නොකරන දෙයක් නැති තරම්ය. තවත් සමහරුන් ජිවත් වන්නේ අනුන්ගේ පහනෙන් එළිය බැලිමක් වැනිය. අද මේ පුංචි රට තුල සැම දෙයකටම පාහේ බදු ගසා ඇත. බදු බරින් නිදහස් වන්නට නැතිනම් මේ ආර්ථිකයෙන් නිර්ධන පාන්තිකයාට ඔලූව එසවීමට කවදා හැකි වෙවිද? ඔවුනට මේ ලෝකයේ කවදා ඉර පායාවිද?
එදා අප විනෝද ගමනක් ලෙස ගාලූ පුරවරයට පා තැබීය. ගාලූ කොටුවට නොදුරින් ගල් පර දෙකක් මැදින් ජව සම්පන්න තරුණයෙක් අපගේ ඇඟ සීතල කරමින් අඩි ගණනක් උඩකින් මුහුදට පනින ආකාරය මාගේ ඇස ගැටිනි. ඔහු තම ජිවිතය ගැන නොසිතා ජිවත් විම සදහා කීයක් හරි හොයා ගන්න වෙර දරන තරුණයෙකි. ”ජිවිතය යනු සෙල්ලමක් නොවුනද, ජිවත් විම සදහා ඇතැමුන්ට සෙල්ලම් කිරීමට සිදු වේ”.
දැන් සෑම තැනකම මුලට එන්නේ මුදල්ය. ඒ කඩදාසි කොලයට දුන්නු වටිනාකම නිසා මනිසුන්ට මනුස්සකම නෑදෑ කම් සහෝදර කම් යහළු කම් අපෙන් ටිකෙන් ටික ඈත්ව ගොස් ඇත. එදා සාමාජය අද නැත. ඒ සාමාජ මුදලට යටවී ඇත. මිනිසුන් දැන් උත්සාහ කරන්නේ බල්ලන් මරා හරි මුදල් ඉපයිමටය. එවන් කුහක සාමාජයක් ඇති නොකිරිමට අපිත් වගබලා ගත යුතු කාලය එලබ ඇත.

Comments
Post a Comment