ඩෙංගු මාරයා
පුංචි ලංකාවේ මිනිසුන්ට,
චතුර සටහන තුලින් අද මතක් කර සිටින්නේ අපේ රටේ මේ වන විට වේගයෙන් පැතිරී යන ඩෙංගු පිළිබඳවයි. මේම උවදුර අපේ රට තුල අපේම සහෝදරයන් සහෝදරියන් වැඩිහිටියන් දවසින් දවස බිලි ගනිමින් සිටියි.
ඩෙංගු මදුරුවා අගම ජාතිය කුලය බලන්නේ නැත. උසස් පහත් කම් හොයන්නේ නැත. අපේ රටේ මිනිසුන් එකා වගේ සහයෝගයෙන් සහෝදරත්වයෙන් එකමුතු කමින් ඩෙංගු මාරයා රටින් තුරන් කරන්නට කටයුතු කළ යුතුව ඇත. ඉතින් මේ හදවතින් සිතන්නට කාලයයි..
චතුර සටහන තුලින් අද මතක් කර සිටින්නේ අපේ රටේ මේ වන විට වේගයෙන් පැතිරී යන ඩෙංගු පිළිබඳවයි. මේම උවදුර අපේ රට තුල අපේම සහෝදරයන් සහෝදරියන් වැඩිහිටියන් දවසින් දවස බිලි ගනිමින් සිටියි.
ඩෙංගු මදුරුවා අගම ජාතිය කුලය බලන්නේ නැත. උසස් පහත් කම් හොයන්නේ නැත. අපේ රටේ මිනිසුන් එකා වගේ සහයෝගයෙන් සහෝදරත්වයෙන් එකමුතු කමින් ඩෙංගු මාරයා රටින් තුරන් කරන්නට කටයුතු කළ යුතුව ඇත. ඉතින් මේ හදවතින් සිතන්නට කාලයයි..
ඩෙංගු රෝගය
ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3, DEN 4)
ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ. (< 1%)
ඩෙංගු උණ
ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්)
ඩෙංගු රක්තපාත උණ
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම් උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද), අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය) මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක. සුවවන අවදිය, දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක.
රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
ඩෙංගු රෝග තත්වය කලින් හඳුනා ගැනීම
ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය භාවය අවම කල හැක.
ලංකාවේ දැනට පවතින ඩෙංගු අධි ජානපදික තත්වය යටතේ උණත් සමග පහත සඳහන් රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ඩෙංගු රෝගයෙන් (ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණ) පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය යෙද වීම අත්‍යවශ්‍ය වේ.
තද හිසරදය, ඇස්යට වේදනාව, අස්ථි හා මාංශ පේශිවල වේදනාව, ශරීරයේ මතුවන පලු (විහිදුන ස්වභාවයේ රත් පැහැති ලප), සුළු ලේ ගැලීම් තත්වයන් ( සම මතුපිට හා රුධිර මාපක පරීක්ෂණය මගින් පෙන්නුම් කල හැකි පරිදි), සුදු රුධිරානු අඩු වීම (<5000/mm3),රුධිර පට්ටිකා ≤150,000/mm3 , රුධිරයේ ඝන භාවය වැඩිවීම (5 – 10%)
සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සහ මළ බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඩෙංගු රෝගීන් රෝහල් කරා පැමිණිය හැක.
තද උණ සහිත රෝගියකුගේ මුහුණ සහ අත් පා ප්‍රදේශ රත් පැහැ විහිදුන පලු සහිත ස්වභාවයකින් යුක්ත වීම, සුදු රුධිරානු ප්‍රමාණය අඩු වීම (<5000 /mm3), රුධිර මාපක පරීක්ෂණය අනුව රුධිර ගැලීමේ හැකියාව වැඩි වීමක් පෙන්නුම් කිරීම (රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පැවතියද) උණ සැදීමට වෙනත් හේතුවක් නොමැති අවස්ථාවන්හිදී රෝගියා ඩෙංගු රෝගයෙන් පෙලෙන බවට බොහෝ දුරට නිවැරදි රෝග විනිශ්ෂයකට පැමිණිය හැක.
කම්පන තත්වයෙන් පැමිණෙන රෝගියෙක් විශේෂයෙන්ම උණ රහිතව, අත් පා සීතලව, හෳද ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු කම්පන තත්වය බවට සැක කල යුතුය.
NS 1 ප්‍රතිදේහය ඩෙංගු අසාදිත රෝගියකු තුල උණ අවස්ථාවේ මුල් කාලයේදී රුධිර පරීක්ෂණයක් තුලින් සොයා ගත හැකි නවීන රසායනික පරීක්ෂණයක් වන අතර ඒ තුලින් රෝගියාට ඩෙංගු වැළදී ඇති බව පමණක් සොයාගත හැක. එනමුත් රෝගියාට වලදී ඇත්තේ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ දැයි වෙන් කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණයෙන් අවකාශ නොලැබේ. මේ හේතුව නිසා ඩෙංගු රෝගය බවට මුල් අවස්ථාවේ සැක සහිත අවස්ථාවන් වලදී පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැක.
සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම
නේවාසික රෝගීන්
බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂ උපදෙස්
දෛනික අවශ්‍යතාවය = 100 මිලි / කි ග්‍රෑම් / පළමු කිලෝ ග්‍රෑම් 10 සඳහා
= + 50 මිලි /කි ග්‍රෑම් / ඊළඟ කිලෝ ග්‍රෑම් 10 සඳහා
= + 20 මිලි / ඉතුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය සඳහා
උණ වැළදී දින 3 කදී හෝ ඊට පසුව රෝගියා තුල පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස රෝගියා / දෙමාපියන් දැනුවත් කල යුතුය.
ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගැනීම
උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.
උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි වේගවත්
හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක. හෳද සන්කුචන පීඩනය හා විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40 mmHg සිට 30 mm Hg) මගින් තරලය කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින් ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම් අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.
කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂියක් වේ.
රෝගියා රෝහල් ගත කිරීම
රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කලයුතු වෙනත් රෝගීන්
පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.
රෝගීන් සඳහා උපදෙස්
තොරතුරු ලබාගැනීම ජාතික ඩෙංගු මර්දන ඒකකය අසුරිණි
මහේෂ් චතුරංග

Comments
Post a Comment